FAST NEWS

24×7 Around the Globe

මහමග ‍රෙස්ලිං ගැසූ පොලිස් නිලධාරියා ගැන යෝෂිත කතා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනතුරක් හේතුවෙන් පොලිස් නිලධාරියෙක් විසින් අද කාර්යබහුල මාර්ගයකදී රියදුරෙක්ට අනුකම්පා විරහිතව පහර දෙන ආකාරය දැක තමන් කම්පනයට පත් වූ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.   

නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන් විසින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වගකීම දරන බවත් මීට යුක්තිය ඉටුවන බවට තමන් සහතික වන බවත් ට්විටර් පණිවිඩයක් හරහා ඔහු සඳහන් කරයි.

මේ වන විට අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසෙත් අනුමත නොකරන බවය.