FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීල ජනපති ඇමතිවරු 6 දෙනෙක්ව නෙරපයි

(ෆාස්ට් නිව්ස් |  බ්‍රසීලය) – බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ විසින් සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙක් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

එය මීට වසර දෙකෙකට පෙර බලයට පැමිණි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන් අනතුරුව සිදුකළ විශාලතම කැබිනට් මණ්ඩල “වෙනස් කිරීම” මෙය ලෙස සැලකේ.

විදෙස් අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ද තනතුරුවලින් ඉවත්කර ඇත.