FAST NEWS

24×7 Around the Globe

සංචාරක ක්ෂේත්‍රයට නව ප්‍රතිපත්තියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සැකසීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර ඇත.  

මේ අනුව ”තිරසර සංවර්ධනයක් සඳහා වූ සංචාරක ව්‍යාපාරයක්” යන්න තේමා කොට ගනිමින් නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

මෙරට සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැංවීම සඳහා මේ ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීම සිදු කරනු ලබයි.