FAST NEWS

24×7 Around the Globe

බ්‍රිස්බේන් නගරයට දින 3 ක සංචරණ සීමා

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – කොවිඩ් ආසාදිතයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමග ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට දින 03 ක සංචරණ සීමා පණවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.   

මාසයකට පමණ පසු එරටින් කොවිඩ් සමාජ සම්ප්‍රේෂණයක් පිළිබඳ වාර්තාවන පළමු අවස්ථාව මෙයයි.

වෛද්‍යවරයෙකු මාර්ගයෙන් මෙම පැතිරීම ආරම්භ වන්නට ඇති බවට විශ්වාස පළ කරයි.

මේ අනුව ව්‍යායාම් කටයුතු , අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීම් , රාජකාරි කටයුතු සහ සාත්තු සේවා සඳහා පමණක් නිවාසවලින් බැහැරට යාමට පමණක් බ්‍රිස්බේන් නගරවාසීන්ට අවසරය හිමිවනු ඇත.