ආර්ථික ශක්තිය හිමි, ඇති හැකි ඇතැම් පිරිස් ආදායම් බදු ගෙවීම් පැහැර හැර ඇති බවත්, එම පාර්ශ්වයන්ගෙන් බදු නිසි පරිදි ලබාගැනීමට කටයුතු කිරීමෙන් ආදායම් ඉලක්ක සපුරා ගත හැකි බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (02) කොළඹදී පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ 15 වැනි වාර්ෂික සමුළුවට සහභාගි වෙමිනි.
ආර්ථික ශක්තිය හිමි ඇති හැකි ඇතැම් පිරිස් රජයේ ප්රතිලාභ මගින් ප්‍රයෝජන ගැනීම මිස, බදු ගෙවීම සඳහා උනන්දු නොවන බව අමාත්‍යවරයා පැවසී ය.
මෙම තත්ත්වය වහා වෙනස් විය යුතු බවත්, ඔවුන් බදු ගෙවීම සඳහා උනන්දු කරවීම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වගකීම බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.






