FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර ලිබියාවේ හමුදා ප‍්‍රධානියා ඝාතනය වෙයි

(ෆාස්ට් නිව්ස් |ලිබියාව) – ලිබියා ජාතික හමුදාවේ ප‍්‍රධානියා වූ මග්මුල් අල් වර්ෆාලි බෙන්ගාසි නුවර රෝහලක් අසලදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.     

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහුගේ ආරක්ෂක භටයන් දෙදෙනකු ද සිටි බව වාර්තා වී තිබේ.

යුද අපරාධ රැසකට සම්බන්ධ වල්ෆාලි නැගෙනහිර ලිබියාවේ හමුදා නායකයා ලෙස ක්‍රියා කර ඇත. මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය ඔහුට එරෙහිව දෙවරක් වරෙන්තු නිකුත් කර තිබිණි.

පසුගිය සතියේ ඔහු බෙන්ගාසි නුවර මෝටර් රථ අලෙවි කරන වෙළඳසැලකට ද පහරදී විනාශ කිරීමේ සිද්ධියක් ද හෙළි විය. ලිබියානු ආරංචි මාර්ග පැවසුවේ ඔහුට එරෙහි ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.