FAST NEWS

24×7 Around the Globe

අවුරුදු සමයේ රජයේ අනුමත මිලට සහල්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නාඩු රුපියල් 97ට, සුදු හා රතු කැකුළු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තිබේ.

සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළෙඳසැළ්වල ප්‍රධාන විධායක නිලධාරීන් අද (25) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග පැවති හමුවකදී ඊට එකඟතාව පළකර තිබේ.