FAST NEWS

24×7 Around the Globe

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කරයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කර ඇතැයි ෆේස්බුක් ආයතනය දැනුම් දෙයි.   

පසුගිය ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර සමයේ 35,000 කට අධික පිරිසක් මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් භාවිතා කරමින් නොමග යැවෙන තොරතුරු විකාශනය කර තිබේ.

මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් වල සඳහන්ව තිබූ කොරෝනා ආසාදනය වීම් සහ එන්නත් වලට අදාළ තොරතුරු මිලියන 12 ක් ද ඉවත් කර ඇත.

කොරෝනා ආසාදනය වීම ගැන සාවද්‍ය තොරතුරු රැසක් එම ව්‍යාජ ෆේස්බුක් අඩවි වලින් විකාශනය වී තිබෙන අතර , කොරෝනා මර්දනයට සම්බන්ධ එන්නත් ගැන ද සඳහන් ව්‍යාජ තොරතුරු මෙම ෆේස්බුක් ගිණුම්වලින් ප‍්‍රචාරය කර ඇත.