FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ කොලරාඩෝ හී වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 ක් මරුට

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සුපිරි වෙළදසැලක් තුල මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

සුපිරි වෙළදසැලට කඩා වැදුණු පුද්ගලයෙකු විසින් විනාඩි 20 කට ආසන්න කාලයක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ද එම වාර්තාවල දැක්වෙයි.

මියගිය පුද්ගලයින් 10 දෙනා අතර පොලිස් නිළධාරියෙක්ද සිටින අතර, මේ වනවිට වෙඩිතැබීම සිදුකල සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත්ද යන්න සම්බන්දයෙන් තවමත් කරුණු අණාවරන වී නොමැත.