FAST NEWS

24×7 Around the Globe

කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ට තරග තහනමක් හා දඩයක්.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර්ට, ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගය අහිමි වනු ඇති.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයේදී ‍නියමිත කාලය තුළ පන්දුවාර ප්‍රමාණය යවා අවසන් නොකිරීම හේතුවෙනි

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළේ ය.

ඔහුට මෙම තරග තහනම පනවනු ලැබ ඇත්තේ, තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ඩේව්ඩ් බූන් විසිනි.

ජේසන් හෝල්ඩර් අවසාන මාස 12 ක කාලය තුළ නියමිත කාලය තුළ පන්දුවාර ප්‍රමාණය අවසන් නොකිරීම හේතුවෙන් තරග තහනමකට ලක් වූ දෙවන අවස්ථාව මෙය වේ.

ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් 40%ක දඩයක් ද සෙසු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක් ද වශයෙන් දඩ නියම කර තිබේ.