FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළඳපොල යළි පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඊයේ (18) නැවතත් 7,000 ට අඩු සීමාවට පැමිණ තිබේ.   

සමස්ත දර්ශකය ඊයේ ඒකක 113.8 කින් පහත වැටුණු අතර, දිනය අවසනදී සටහන් වූයේ 6,930.76 ක් ලෙසයි.

ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 42.14 කින් පහත වැටී 2,774.78 ක් ලෙස සටහන්ව ඇත.

කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 ක්.