FAST NEWS

24×7 Around the Globe

බලය සහ සියුමැලිභාවය පෙන්වන අලින් සමග රංගනය.(vedio)

වසර 1995දී රිචර්ඩ් ඇව්ඩන් විසින් එළිදැක්වූ ‘ඩොවීමා විත් එලිෆ්න්ට්ස්’ (Dovima with Elephants) ඡායාරූප එකතුව මූලාශ්‍රය කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම ඡායාරූප හරහා ඡායාරූප ශිල්පීනි වැනේසා වොන් සිට්සවිට්ස් උත්සාහ දරන්නේ මිනිසා සහ ස්වාභාවික පරිසරය අතර පවත්නා සම්බන්ධතාව විදහා දැක්වීමටයි.

ජර්මනියේ හැම්බර්ග් නගරයේ උපත ලද ඇය මීට පෙර අවස්ථාවක ජනප්‍රිය ගායිකා සහ නිරූපණ ශිල්පිනී වික්ටෝරියා බෙක්ම්ගේ නිරුවත් ඡායාරූප එකතුවක්ද සකස් කර තිබේ.

‘අලින් සමඟ රංගනයේ’ (Dancing With Elephants) ලෙස නම් කර ඇති මෙම ඡායාරූප එකතුවෙහි කාන්තාවක් හැඩි දැඩි හස්ති රාජයින් සමඟ එක්ව ඡායාරූප ගතකිරීමෙන් ඇය පිළිඹිබු කිරීමට උත්සාහ කරන තවත් සංකල්පයක් වන්නේ බලය සහ සියුමැලිභාවයයි.

කෙසේවෙතත්, මෙම ඡායාරූප සඳහා පෙනී සිටින්නේ සර්කස් කණ්ඩායමකට අයත් අලින් වේ. ඔවුන් (ක්)නී නැමති ප්‍රකට සර්කස් කණ්ඩායමට අයිති සතුන් වේ.

ඡායාරූප ශිල්පිනියට ඔවුන්ව හමුවී ඇත්තේ වසර 2013 දී වන අතර මෙම අලින් සමඟ මිතුරු වීම සඳහා ඇය බොහෝ කාලයක් මෙම සතුන් සමඟ ගත කර තිබේ.

[

[youtube url=”https://www.youtube.com/watch?v=A9dc0-HQu5s” width=”560″ height=”315″]