FAST NEWS

24×7 Around the Globe

අභයාරාමාධිපතිගෙන් ආණ්ඩුවට දෝස් මුරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුවට ඉන් ජයග්‍රහනය කළ නොහැකි බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඉන්දීය උවමනාව මත පිහිටුවන ලද පලාත් සභා අහෝසි කර පළාත් පාලන ආයතන ශක්තිමත් කල යුතු යයිද උන්වහන්සේ පවසයි.

නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වූ වත්මන් ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය ඊට පෙර කැදවීමට හැකියාවක් නැතැයිද උන්වහන්සේ පෙන්වා දෙති.

ජනතාව සිටින්නේ ආණ්ඩුව ගැන ඉතාම අප‍්‍රසාදයෙන් බවත් ජනතාවට අද ඇත්තේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට වඩා ජීවත් වීමේ ප්‍රශ්නයක් යයිද පවසන උන්වහන්සේද බඩු මිල අහස උසට නැග ජීවත්වීමට අසීරු තත්ත්වයකට ජනතාව පත්ව ඇතැයිද කියා සිටියහ.