FAST NEWS

24×7 Around the Globe

මුකේෂ් අම්බානි ඝාතනය කිරීමට සැලසුම් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ සුපිරි කෝටිපති මුකේෂ් අම්බානි පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් මගින් ඝාතනය කිරීමට දියත් කළ සැලසුම මෙහෙය වූ මුම්බායි නගරයේ පොලිස් නිලධාරියකු වූ සචින් වාසේ අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය රහස් පොලිසිය එම පොලිස් නිලධාරියාගේ කාර්යාලය පරීක්ෂාවට ලක් කිරීමේදී ඉන්දීය රුපියල් ලක්ෂ පහක්, ව්‍යාජ වාහන අංක තහඩුවක් සහ කාර්යාලය අසල නතර කර තිබූ බෙන්ස් රියක් ද හමුවී තිබේ.

මේ අතර තමාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව දක්වමින් සචින් වාසේ ඉදිරිපත් කළ අයැදුම්පත අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත.