FAST NEWS

24×7 Around the Globe

එන්නත් නොදෙන බවට යුරෝපා කොමිසමෙන් රතු එළියක්

(ෆාස්ට් නිව්ස් | යුරෝපය) – යුරෝපා සංගමයට අයත් රටවලට ප්‍රමාණවත් පරිදි එන්නත් නොලැබෙන්නේ නම් අනෙකුත් රටවලට එන්නත් අපනයනය සීමා කිරීමට සිදුවනු ඇති බවට යුරෝපා කොමිසම අනතුරු අඟවයි.   

යුරෝපා රටවලට වඩා ඉහල එන්නත්කරණ ප්‍රතිශතයක් ඇති රටවල් පිළිබඳ ඒ අනුව දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට සිදුවිය හැකි බවට ඔවුන් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම මාසය මුලදී ඕස්ට්‍රේලියාවට යැවීමට සූදානම් කර තිබූ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා දෙලක්ෂ 50 දහසක් පමණ අවහිර කිරීමට ඉතාලිය පියවර ගත්තේද මෙම කරුණ පාදක කරගනිමිනුයි.

යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ නැවත වරක් කොවිඩ් වසංගතය හිස ඔසවමින් සිටින අවස්ථාවක සිය සාමාජික රටවලට ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබෙන පසුබිමක වෙනත් රටවලට ඒවා ලබාදීම ගැටලු සහගත බවයි.