FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් රෝගීන් මියයෑම හේතුවෙන් ජෝර්දාන සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | ජෝර්දානය) – ඔක්සිජන් හිඟයකින් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් ජෝර්දානයේ සෞඛ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කොවිඩ් – 19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන රෝහලක ඔක්සිජන් හිඟයක් හේතුවෙන් කොවිඩ් රෝගීන් 6දෙනෙකු මියයාමේ සිද්ධියක් පසුගියදා ජෝර්දානයෙන් වාර්තා වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව පළකළ එරට සෞඛ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට රජය පවසන්නේ, සිද්ධිය සම්බන්ධ සදාචාරාත්මක වගකීම තමන් භාරගන්නා බවය.