FAST NEWS

24×7 Around the Globe

’ඇල්ටෙයාර්’ අද විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද විවෘත කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

මෙය ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියකි.

නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ හි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.