FAST NEWS

24×7 Around the Globe

මෙක්සිකෝව චීන එන්නත් මිලියන 22 ක් මිලදී ගැනීමට

(ෆාස්ට් නිව්ස් | මෙක්සිකෝව ) – මෙක්සිකෝව චීනයේ සීනොවැක් සහ සීනොෆාම් වෙතින් කොවිඩ් 19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 22 ක් මිලදී ගන්නා බව එරට විදේශ අමාත්‍ය මාර්සෙලෝ එබ්‍රාඩ් ඊයේ (09) සඳහන් කර ඇත.

මෙක්සිකෝව තුළ අවසරය ලැබීමෙන් පසු සීනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 12 කට අමතරව, සීනෝවාක් එන්නත් මාත්‍රා මිලියන 10 ක් මිලදී ගන්නා බව එබ්‍රාඩ් වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කෙටිකාලීනව මෙක්සිකෝව සමග එන්නත් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් සතියකට පසුව මේ ආකාරයෙන් මෙක්සිකෝව චීනයේ සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.