FAST NEWS

24×7 Around the Globe

ලෝක වෙළදපොළේ තෙල් මිල තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | සෞදි අරාබිය) – ලොව විශාලතම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබියේ පිරිපහදු, ඩ්‍රෝන් ප්‍රහාරයකට ලක්වී දින කිහිපයක පසු ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.   

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 70 ඉක්ම වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 65 දක්වා ඉහළ ගියේය.

ඇමරිකානු තෙල් නිෂ්පාදනවල මිල මේ මාසය තුළ 12 % කින් ඉහළ ගොස් ඇති අතර, ගෝලීය බොරතෙල් මිල මේ වසරේදී 30 % කින් පමණ ඉහළ ගියා.

තෙල් මිල මේ වනවිට සටහන් වන්නේ වසර දෙකකින් ඉහළම අගයකයි.