FAST NEWS

24×7 Around the Globe

දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත්තා – දැන් ඊටත් වඩා අමාරුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත් බවත් අද තත්ත්වය ඊටත් වඩා අමාරු බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.   

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වෙළඳපොලේ ධාන්‍ය වර්ග වල මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

ධාන්‍ය වර්ග ආනයනය සීමා කර ඇත්තේ දේශීය ගොවියා නගා සිටුවීමේ අරමුණින් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එනිසා ජනතාව දේශීය ගොවියාගේ අස්වැන්න ලැබෙන තුරු සිටිය යුතු බව ද ඇමතිවරයා කියා සිටී. කොරෝනා වසංගතය නිසා වත්මන් වෙළඳපළ තත්ත්වය දෙවැනි ලෝක යුද සමයටත් වඩා බරපතල ලෙස විනාශ වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.