FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් කටයුතු අවුල් සහගත තත්ත්වයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ තනතුරෙන් ඉවත් කරන බවට තමාට කිසිදු ලිඛිත දැනුම් දීමක් තබා SMS පණිවුඩයක් හෝ නොලැබුණ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.  

ලේකම්වරයා විශේෂඥ වෛද්‍යවරයෙක් බැවින් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලකිය යුතු කාලයක් සේවය කළ බැවින් කොවිඩ් පාලන කටයුතු පිළිබඳ ‌මනා අවබෝධයක් තිබුණේ යැයිද ඇය පෙන්වා දුන්නාය.

කොවිඩ් පාලන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් පුද්ගලයන් කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් අප විමසූ විට ඇය සදහන් කළේ , සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් කටයුතු අවුල් සහගත තත්ත්වයක තිබුණ බැවින් තමා කළකිරීමෙන් කටයුතු කළ නමුත් එම අවුල් සහගත තත්ත්වන් දැන් නිවැරැදි කර ගෙන සිය ඇමැති ධුරයේ කටයුතු සාර්ථකව කරගෙන යන බවකි.