FAST NEWS

24×7 Around the Globe

සඳ වටා චාරිකාවක් යෑමට ප්‍රකෝටිපතියෙක්ගෙන් ආරාධනා

(ෆාස්ට් නිව්ස් | ජපානය) –  සඳ වටා චාරිකාවක් සඳහා ජපානයේ ප්‍රකෝටිපති යුසාකු මෙෂාවා (Yusaku Maezawa)සිය ජනතාවට ආරාධනා කර සිටියි.

එම සංචාරය සඳහා අවස්ථාව හිමිවන්නේ අටදෙනකුට පමණි. මේ සඳහා ඊලොන් මස්ක් ගේ ‘SpaceX’නැමති අභ්‍යවකාශ යානයක් භාවිතා කිරීමට නියමිත බවට වාර්තා වේ.

ඊලෝන් මස්ක් (Elon Musk)යනු ‘SpaceX’අභ්‍යවකාශ තාක්ෂණික ව්‍යාපෘතියේ ප්‍රධාන කලමණාකරුය. ‘SpaceX’ ආයතනයේ ප්‍රධාන සැලසුම්කරු වන ඔහු රොකට් වැඩිදියුණු කරනු ලැබීම සහ අභ්‍යවකාශ චාරිකා මෙන්ම වෙනත් ග්‍රහලෝක කරා ක්‍රියාත්මක කෙරෙන අභ්‍යවකාශ චාරිකා අධීක්‍ෂණය කරයි.

”සියලුම මට්ටමේ ජන කණ්ඩායම් නියෝජනය කෙරෙන ආකාරයෙන් මගේ අභ්‍යවකාශ ගමන් සගයන් අටදෙනා හවුල්කර ගැනීමට මට අවශ්‍ය කරනවා” ට්විටර් පණිවුඩයක් මගින් යුසාකු මෙෂාවා දන්වා සීටී. ඒ සඳහා අයැදුම් කිරීමට ඉල්ලුම් පත්‍රයක් ද පළකරනු ලැබ තිබේ.

මෙම ගමන සඳහා සියලු බරපැන දරනු ලබන්නේ යුසාකු මෙෂාවා විසිනි වන අතර ඒ සඳහා සහභාගී වන සියලු දෙනා හට කිසිඳු මුදලක් ගෙවීමකින් තොරව මෙම අනර්ඝ අවස්ථාව සඳහා එක් විය හැක.

2023 වසරේදී ක්‍රියාත්මක කිරීමට නිමිත මෙම සංචාරය ”ආදරණීය සඳ” යන තේරුම දෙන ‘dearMoon’ ලෙස නම්කරනු ලැබ ඇත.

සඳවට සවාරිය සඳහා ආරාධනා කරන යුසාකු මෝස්තර ව්‍යාපාරයක් හිමි ධන කුවේරයෙකි. එපමණක් නොව, ඔහු කලා කෘතීන් එක්රැස් කරන්නකු ද වෙයි.

එම චාරිකාව වෙනුවෙන් ගෙවීමට එකඟ වූ මුදල අනාවරණය කොට නැතත්, එය විශාල මුදලක් බවට දැනගන්නට ලැබෙයි.