FAST NEWS

24×7 Around the Globe

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.   

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය.

එම ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප‍්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

එම පක්‍ෂ නායක හමුවට සහභාගී වූ මන්ත‍්‍රීවරයෙක් මෙම තොරතුරු සහතික කළේය.