FAST NEWS

24×7 Around the Globe

පෙබරවාරියේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙබරවාරි මාසයේ මෙරටට සංචාරකයන්ගේ පැමිණීම පෙර මාසයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.   

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් අඩපණව තිබුණි.

ඒ අනුව පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 3386 ක්.

යුරෝපා රටවලින් මෙරටට වැඩි සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වෙයි.