FAST NEWS

24×7 Around the Globe

මියන්මාරයේ විරෝධතා අතරතුර තවත් 38 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | මියන්මාරය) –  මියන්මාරයේ විරෝධතා අතරතුර තවත් පුද්ගලයන් 38 දෙනෙකු මිය ගොස් තිබේ.   

ඒ අනුව , හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා අතරතුරදී මියන්මාරය තුළ එක් දිනයකදී වැඩිම පිරිසක් මිය ගිය දිනය ලෙස ඊයේ දිනය සටහන් වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ, විරෝධතා මර්දනය කිරීමේදී ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හේතුවෙන් දාළ පිරිස මියගොස් ඇති බවයි.

ආරක්ෂක අංශ විසින් අනතුරු ඇඟවීමකින් තොරව විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙය දරුණු කම්පන තත්ත්වයක් බව එක්සත් ජාතීන්ගේ මියන්මාර තනාපතිනිය පැවසුවාය.

ඇය සඳහන් කළේ, මේ වනවිට 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් විරෝධතා අතරතුර මියගොස් ඇති බවයි.

පෙබරවාරි පළමුවනදා සිදුවූ මියන්මාර හමුදා කුමන්ත්‍රණයට අදට දින 32 ක් ගතවී ඇත.