FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ?

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට ආරංචි මාර්ගයකින් තමන්ට දැනගන්නට ලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(02) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ස්වාධීන කොමිසන් සභාවල වැඩි වශයෙන් සිටින්නේ හංසයින්ට කඩේ ගිය පිරිස බවත්, මූල්‍ය චෝදනා ලැබූ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකුද එම කොමිසන් වල සිටින බවත් එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

තවද පසුගියදා පැවති සිසු විරෝධතාවට එල්ල වුණ ප්‍රහාරය හෙළා දකින බවත්, වෝඩ් පෙදෙස ලෙයින් නැහැවී ඇති බවත් හෙතෙම පැවසීය.

පසුගිය ආණ්ඩු කාලයේදී‍ මෙවන් ‍දෑ සිදුවුණා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩක් යැයි නිසැකව චෝදනා එල්ලවන බවද ඔහු සඳහන් කර සිටියේය.

එසේම ජාතික පොලිස් කොමිසම පත්කිරීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අමුතු පණක් ලැබී ඇති බවත්,පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැන් කතා කරන ආකාරය “මරදාන චොප්පේට” සමාන බවත් වැඩිදුරටත් පැවසීය.