FAST NEWS

24×7 Around the Globe

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට ටෙක්සස් ප්‍රාන්තය සූදානමින්

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති නීතිය ඉවත් කිරීමට අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්ත බළධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.   

ලබන සතියේ සිට එහි සියලුම ව්‍යාපාර කටයුතුද කිසිදු සීමා පැණවීමකින් තොරව පවත්වාගෙන යාමට අවසර හිමිවනු ඇති.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන ඇති නමුත් ඊට අමෙරිකාවේ වත්මන් ජෝ බයිඩ්න් පරිපාලනය විසින් පූර්ණ අනුමැතියක් දී නොමැති බවටයි වාර්තා පළවෙයි.

කොවිඩ් මර්දන රෙගුලාසි අඛණ්ඩව බලාත්මක විය යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත අතුරින් 03 වන ස්ථානයට වැඩිම මරණ සටහන්වූ ප්‍රාන්තය වන්නේ ටෙක්සස් ප්‍රාන්තයයි.