FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ දස්කම් පාන ලිමන්සා තිලකරත්න [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ශ්‍රී ලාංකික දියණියක් පත්ව සිටින බව ඕස්ට්‍රේලියාවේ Beaconhills විද්‍යාලයේ සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ.   

ලිමන්සා තිලකරත්න නියෝජනය කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් සමාජයයි.

දැනට 06 වන වසරේ ඉගෙනුම ලබන ඇය පසුගියදා සහභාගිවූ ප්‍රිමියර් තරගයේ පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

මෙල්බන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සහභාගි වූ පළමු තරගයේ (Kookaburra Women’s Premier Thirds) පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඇය සමත්ව ඇත.

ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වූ තිලකරත්න ඩිල්ෂාන් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ මංජුලා තිලිණිගේ දියණියයි.

ඔවුන් මේ වනවිට ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේයි.