FAST NEWS

24×7 Around the Globe

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට මහ බැංකුවෙන් අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් 80 % දක්වා ඉහළ නැංවීමට මහබැංකුව තීරණය කර තිබේ.    

ඊට අදාළ නියෝගය මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.

මූල්‍ය ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති අදාළ නියෝගය අනුව, පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහනවලට ඒවායේ වටිනාකමින් 80 % දක්වා මූල්‍ය පහසුකම් ලබා ගත හැකියි.