FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ ප්‍රබලයෙක්ගෙන් රන්ජන්ට ඇමතුමක් – ආණ්ඩුවට එක්වන්නැයි දැනුම්දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ආණ්ඩුවට එක්වන්නේ නම් නිදහස් කරන බව ඔහුට දැනුම් දී ඇති බව සමගි ජනබලවේගය චෝදනා කරයි.   

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරන්නේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් මෙම දැනුම් දීම කර ඇති බවයි.

පසුගිය දිනෙකඉකුත් දිනෙක රාත්‍රී කාලයේ බන්ධනාගාර නිලධාරියෙකුගේ දුරකතනයට ඇමතුමක් ලබා ගනිමින් රන්ජන් රාමනායක මහතා සම්බන්ධ කරගෙන මෙම ඉල්ලීම කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.

රංජන් රාමනායක මන්ත‍්‍රීවරයා ආණ්ඩුවට එක්වී නිදහස ලබා ගැනීමට කිසිදු සූදානම් නැති බව ද පැවසූ ඔහු මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැසිකිළි සේදීම වැනි පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති බවද කියා සිටියේය.

රංජන් රාමනායක මහතාව මේ වන විට අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ තනි සිරකුටියක රඳවා තැබීමට කටයුතු කර ඇති බව ද ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.