FAST NEWS

24×7 Around the Globe

භික්ෂූන් වහන්සේ නමකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර දී තිබේ.   

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු සඳහන් කළේ, අද පෙරවරුවේ ක්‍රිකට් ආයතනයට පැමිණ සීලරතන හිමියන් නාම යෝජනා භාර දුන් බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයක් සඳහා උන් වහන්සේ නාම යෝජනා ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත් වීම සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම, ක්‍රිකට් ක්‍රීඩා සමාජයක විධායක කමිටු සාමාජිකයෙකු වීම යන සුදුසුකම් සලකා බැලෙන බව එම ආයතනය පැවසීය.

බත්තරමුල්ලේ සීලරතන හිමියන් උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් මෙම නිලවරණයට නාමයෝජනා දී ඇතැයි වාර්තා වේ.