FAST NEWS

24×7 Around the Globe

සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් රිය අනතුරකට ලක්වේ

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ලොව අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී රිය අනතුරකට ලක්ව තුවාල ලබා ශෛල්‍යකර්මයකට ලක් කර තිබෙන බව වාර්තා වෙයි.  

අනතුරින් ඔහුගේ පාදවලට බරපතළ තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වේගය පාලනය කරගත නොහැකිව මොටර් රථය මාර්ගයෙන් ඉවතට විසිවී අනතුර සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

45 හැවිරිදි ටයිග වුඩ්ස් වැඩිම වාර ගණනක් ගෝල්ෆ් ශුරතාවන් ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.