FAST NEWS

24×7 Around the Globe

බිලි විලියම්ස්ට රග්බි පදක්කම නැවත ලැබේ.

රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් නවසීලන්ත සෙන්ටර් ක්‍රීඩක සොනී බිලි විලියම්ස්ට හිමි වූ පදක්කම ඔහු සොයා පැමිණි තරුණ ප්‍රේක්ෂකයෙකුට පසුගිය ඉකුත් 31 වැනි දා පිරිනැමී ය.

සොනීගේ මෙම ක්‍රියාව ලොව පුරා දැඩි අවධානයට ලක් විය. කෙසේ වුව ද ඔහුට අහිමි වූ පදක්කම වෙනුවට නව පදක්කමක් පිරිනැමීමට ලොක් රග්බි සංගමය ඊයේ (01) රාත්‍රියේ කටයුතු කර තිබේ. ඒ ලන්ඩනයේ පැවැති වාර්ශික ලෝක රග්බි සම්මාන උළෙලේ දී ය.

මෙම වසරේ රග්බි ක්‍රීඩකයා ලෙස ද මෙම සම්මාන රාත්‍රියේ දී ඔහු සම්මානයට පාත්‍ර විය.