FAST NEWS

24×7 Around the Globe

අරාබි කතුන් රැකියාවලට යැවීමේ වෑයමක්….

 

මැද පෙරදිග කළාපය තුළ ශ්‍රම බලකායට අරාබි කාන්තාවන් වැඩි වැඩියෙන් සම්බන්ධ කර ගන්නැයි ප්‍රමුඛ පෙළේ ගල්ෆ් ව්‍යාපාරිකයෙකු ඉල්ලා තිබෙනවා.
ජෝර්දානයේ පැවැත්වෙන කලාපීය ආර්ථික සංසදයේ දී එහි සම සභාපති ව්‍යාපාරික ඔමාර් අල්ඝනීම් (Omar Alghanim) පවසා සිටියේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා වැදගත් සාධකයක් බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දත්ත උපුටා දක්වමින් ඔමාර් පැවසුවේ ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව පවතින පරතරය අඩු කිරීම මැද පෙරදිග කළාපය තුළ ආර්ථිකය වර්ධනය කිරීමට හේතුවන බවයි.
එහෙත් සංස්කෘතිකමය හේතු සාධක මත අරාබි කාන්තාවන් රැකියාවේ යෙදීමෙන් වැලකී සිටීමේ තත්වයට විසඳුම් ලබාගන්නේ කෙලෙසද යන්න පිලිබඳ ඔහු කිසිවක් ප්‍රකාශ කලේ නැති බවයි වාර්තා වන්නේ