FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවට දරුණු හිම කුණාටු තත්ත්වයක්

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ඇමරිකාවට බලපෑ දරුණු හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් ටෙක්සාස්, මිසිසිපි, කෙන්ටකි, ඇලබාමා, ඔරිගන් සහ ඔක්ලොහෝමා යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.    

මෙම හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මිලියන 04 ක ජනතාවකට විදුලිය ඇණ හිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම හිම කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් එරට කාලගුණ අංශ මිලියන 150 ක ජනතාවට අනතුරු ඇඟවීම් කර ඇත.

හිම කුණාටු තත්ත්වයත් සමඟ ටෙක්සාස් හි අනතුරු 120ක් සිදුව ඇති අතර, ඉන් මියගිය ගණන 13 ක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.