FAST NEWS

24×7 Around the Globe

සුචී නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

(ෆාස්ට් නිව්ස් |මියන්මාරය) – මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ රජය පෙරලා දමා බලය පැහැරගත් එරට හමුදා නායකයින් හෙලා දැකීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මගින් ජිනීවා නුවරදී ඊයේ සම්මත කරගනු ලැබීය.   

එමඟින් මියන්මාරයේ සිවිල් පාලනය යළි ස්ථාපිත කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු දේශපාලනඥයින් නිදහස් කරන ලෙසත්, හමුදා රජයට බල කරනු ලබයි.

මෙම යෝජනාව ජිනීවා නුවරදී ඊයේ සම්මත කරගනු ලැබුවේ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් 47 එක්රැස් වී පැවැත් වූ විශේෂ සැසියකදීයි.