FAST NEWS

24×7 Around the Globe

මෙවර යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7ක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර යල කන්නයේ වී වගාව හෙක්ටයාර් ලක්ෂ 7 ක් වගා කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.   

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, ජලාශ ජලයෙන් පිරී තිබීම හේතුවෙන් යල කන්නයේදී වී වගාව සාර්ථක ලෙස සිදු කළ හැකි බවයි.

එමෙන්ම , සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ උතුර, උතුරු මැද සහ වයඹ යන පළාත්හි වී මිළදී ගැනිමේ කටයුතු සඳහා ණය ලබාදීම අද සිට ආරම්භ වෙයි.

ඒ අනුව ආරම්භක අදියර වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේත්, අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේත් සහ කුරුණෑගල පළාත් සභා කාර්යාලයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේය.

මෙ වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පිහිටා ඇති සමුපකාර දෙපාර්තමේන්තුව සතු වී ගබඩා 382ක් සඳහා මෙට්‍රික් ටොන් 45,000 ක් වී මිළදී ගැනීමට නියමිතයි.