FAST NEWS

24×7 Around the Globe

රත්‍රං මිල ගණන්වල පහත වැටීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහත වැටී තිබේ.   

මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ 1842.70 ක් ලෙසයි.

වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල පහත වැටීමට හේතුවූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසයි.