FAST NEWS

24×7 Around the Globe

පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

(ෆාස්ට් නිව්ස් | පැසිෆික්) – දකුණු පැසිෆික් සාගරයේ ඊයේ රාත්‍රියේ රික්ටර් පරිමාණයේ 7.7 ක භූ කම්පනයක් සිදුව තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේය.   

නිව් කැලිඩෝනියා දිවයිනට නැගෙනහිර දෙසින් කිලෝමීටර් 10 ක් ගැඹුරින් ඊයේ මැදියම් රැයේ එය සිදුවූ ඇත.

එමඟින් ෆීජි, නවසීලන්තය සහ වනවාටු දිවයින්වලට සුළු සුනාමි තත්ත්වයක් අපේක්ෂා කළද ෆීජි දිවයින පසුව එම නිවේදනය අවලංගු කිරීමට ද කටයුතු කළේය.

මේ අතර, ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනට නිරිත දෙසින් රික්ටර් පරිමාණයේ 6.2 ක භූ කම්පනයක්ද ඊයේ වාර්තා වූ අතර, එමඟින් කිසිදු හානියක් වාර්තා වී නොමැත.