FAST NEWS

24×7 Around the Globe

මියන්මාර හමුදා පාලකයා අවුන්සාන් සුකීගේ පක්ෂ කාර්යාලයට කඩා වදී

(ෆාස්ට් නිව්ස් | මියන්මාරය) – මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් සිර අඩස්සියට ගෙන සිටින හමුදා පාලක මින් අවුන් හයින් ඇගේ පක්ෂ කාර්යාලයට කඩා වැදී එය විනාශ කර දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.  

ඊයේ රාත්‍රියේ අවුන්සාන් සුකීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ මූලස්ථානයේ දොරවල් කඩා ඇතුලු වූ හමුදාව එහි තිබූ දෑ විනාශ කර ඇති බව ඇයගේ පක්ෂය මගින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් සිරගතකොට මියන්මාරයේ බලය පැහැර ගත් හමුදා පාලකයා, විරෝධතාකරුවන් මර්දනය ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.