FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ පරණ රස්සාව ගැන රංජන් හෙළි කරයි.

ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් ගුවන් බලපත් ළඟ තබාගෙන සිටි විමල් වීරවංශ මහතා නිවැරැදි පුද්ගලයකු ලෙස වීරත්වයෙන් කතා කිරීම කනගාටුදායක කරුණක් බව ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.

වැරැදි කරමින් තමන් නිදොස් යැයි කියා ගන්නා ගමන් සමාජයට වැරැදි ආදර්ශ සපයමින් බොරු වීරත්වයක් ආරෝපණය කර ගැනීම ගැන ජනතාව කලකිරී සිටින බවද රාමනායක මහතා අනාවරණය කළේය. මෙවැනි වැරදිකරන පුද්ගලයන් බේරා ගැනීමට ඉදිරිපත් වන හා දුරකතථයෙන් කතා කර හෝ උපකාර ලබාදෙන සියලුදෙනාට තමාගේ විරෝධය පළ කරන බවත් දක්ෂ නීතීඥයන් සිටින තුරු වැරැදි කරන පුද්ගලයන් සිරගත කිරීමට හැකියවක් නොමැති බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය. විමල් වීරවංශ මහතා මෙවැනි දෙබඩි වැඩපිළිවෙළක් කළ පළමු අවස්ථාව මෙය නෙවෙයි. එතුමාගේ බිරියගේ ගමන් බලපත්‍රයටත් සියලු ලියකියවිලි සකස් කළ ඒවායි.

ඒ නිසයි මෙවැනි ගුවන් ගමන් බලපත්‍ර තිබෙන්නේ. එම ව්‍යාජ ලිපිලේඛනවලට අදාළ බැංකු ගිණුම් තිබීම ඉතා බරපතළ තත්ත්වයක්. එයින් මුදල් අවභාවිතා වී තිබෙනවා. මුදල් අවභාවිතාවක් ගැන දැනටමත් සලකා හිමිකරු විසින් නඩුවක් ශෂී වීරවංශයට එරෙහිව දමා තිබෙනවා.

කළුතර කොමිනිකේෂන් එකක් කරගෙන හිටිය වීරවංශ අද හෝකන්දර සුපිරි සුඛෝපභෝගි මන්දිරයක් ඉදිකරගෙන තිබෙනවා. අහිංසකයන්ට ලබාදීමට තිබූ නිවාස තමන්ගේ ඥාතීන්ට නිවාස ලබාදී තිබෙනවා. මේ වැනි වැරදි කරලා දක්ෂ නිතිඥයෙක් අල්ලගෙන නිවැරැදිකරුවෙක් වගේ බේරිලා ඉන්න ඔහු උත්සාහ දරනවා. මේවගේ වැරැදි කළ අයට කිසිම නීතිඥයෙක් පෙනී නොසිටිය යුතුයි. මේවගේ අය බේරා ගැනීමට ඉදිරිපත්වන අය ගැනත් ජනතාව කලකිරීලා ඉන්නේ.

පසුගිය ආණ්ඩුව කාලේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කර කරුණා අම්මාන්, කුඩු ලාල් වැනි පුද්ගලයන් රට යැව්වා. ධම්මික අමරසිංහලා පිටරට ගියා. ඒ වගේ දිගටම වීරවංශත් කරගෙන යනවා. ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ විට දක්ෂ නීතිඥයන් ඉන්නකම් මේ වගේ අය සිරගත කරන්න බැහැ. මෙවැනි අය මුදාගැනීමට ඉදිරිපත් වන අයටත් මගේ විරෝධය පළ කරනවා. දැන් වැරැදිකරුවන් හිතාගෙන ඉන්නේ බඩුත් හාමුදුරවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කියලා. ඒකයි මෙවැනි වැරදි කරන්නේ.