FAST NEWS

24×7 Around the Globe

යේමනයේ යුද්ධයෙන් ඉවත්වීමට ඇමරිකාව තීරණය කරයි

(ෆාස්ට් නිව්ස් | යේමනය) – යේමනයේ පවතින සිවිල් යුද්ධයේ හමුදා මෙහෙයුම් සඳහා ඇමරිකානු සහය ලබා නොදීමට ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර ඇත.   

නව තනතුරට පත්වීමෙන් පසු සිය පළමු ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති දේශනය පවත්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ යේමන යුද්ධය නතර කිරීමට කාලය එළැඹ ඇති බවයි.

යේමනයේ ක්‍රියාත්මක හවුති කැරළිකරුවන්ට එරෙහිව සෞදි අරාබියේ මූලිකත්වයෙන් සිදුකෙරෙන මෙහෙයුම් සඳහා ඇමරිකාව විසින් පසුගිය ජනාධිපතිවරුන් දෙදෙනාගේම ධුර කාලවලදී සහය දක්වනු ලැබීය.

වසර 7 ක් පමණ පැවති සිවිල් යුද්ධයෙන් පීඩා විදි යේමනයේ වැසියන්ට මානුෂීය ආධාර ලබාදිය යුතු බවත් කඩිනමින් මෙම යුද්ධය අවසන් විය යුතු බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.