FAST NEWS

24×7 Around the Globe

මියන්මාරය ෆේස්බුක් අවහිර කරයි

(ෆාස්ට් නිව්ස් | මියන්මාරය) – පවතින දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගෙන ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව අවහිර කිරීමට මියන්මාරය තීරණය කර ඇත.   

පෙබරවාරි 07 වනදා තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට තුල ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන පරිශිලකයන් සංඛ්‍යාව කෝටි 5 කට අධිකයි.

කෙසේ වෙතත් ෆේස්බුක් ආයතනය නිවේදනය කර ඇත්තේ මෙම අවහිරය කඩිනමින් ඉවත් කරන ලෙස මියන්මාර සන්නිවේදන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවයි.