FAST NEWS

24×7 Around the Globe

පකිස්ථාන කොවිඩ් මර්දන එන්නත්කරණය ලබන සතියේ සිට

(ෆාස්ට් නිව්ස් | පාකිස්තානය) – කොවිඩ් මර්දන එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ කරන බව පාකිස්තානය පවසයි. 

චීනය විසින් නිෂ්පාදනය කරන ලද එන්නත එහිදී භාවිතයට ගැනෙනු ඇති.

සෞඛ්‍ය සේවකයන්ට පළමු අධියරේදී මෙම එන්නත නොමිලයේ ලබාදීමට නියමිත අතර , කෝටි 22 ක් වන සමස්ත ජනගහණයෙන් 70 % කට එන්නත් ලබාදීම සැලසුම බව පකිස්ථාන රජය නිවේදනය කරයි.

එමෙන්ම , කොරෝනා වෛරසයට එරෙහිව මහා බ්‍රිතාන්‍ය විසින් නිපදවන ලද තවත් එන්නතක් සාර්ථක ප්‍රථිඵල පෙන්නුම් කර ඇත.

නොවාවැක්ස් නම් මෙම එන්නත 89.3 % ක සාර්ථකත්ව ප්‍රතිශතයක් පෙන්නුම් කර ඇති බව එරට වාර්තාවල දැක්වෙයි.

බ්‍රිතාන්‍ය තුළ පැතිර යන කොරෝනා වෛරස නව ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බවට පෙන්නුම් කල පළමු එන්නතද මෙය වීම විශේෂත්වයක්.