FAST NEWS

24×7 Around the Globe

ඔලිම්පික් ජපානයෙන් ඇමරිකාවට ගෙන යෑමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | ජපානය) – ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත.   

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් වසරක පමණ කල් දැමීමකින් පසු ලබන ජූලි 23 වනදා සිට ආරම්භ කිරීමට තීරණය විය.

කෙසේවෙතත් පවතින වාතාවරණය හමුවේ ජපානය තුළ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට සුදුසු තත්ත්වයක් නොමැති බවට සඳහන් වෙයි.

ටෝකියෝ නුවරින් තරගාවලිය ඉවත් කිරීමට මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අවධාරණය කරයි.