FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී දැඩි තින්දුවක අභියස. පුද්ගලයන් රැසක් නෙරපා දැමීමේ සුදානමක්?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමට තමන් නායකත්වය දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(29) පැවසුවේ මාලඹේ පැවති ශ්‍රීලනිපයේ කඩුවෙල ආසනයේ පක්ෂ කාර්යාලය විවෘත කරන අවස්ථාවට සහභාගී වෙමින්ය. ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිපය තනිව ඉදිරිපත්වීමට නියමිත බව පැහැදිලිය.

එසේම මීට පෙර පළාත් පාලන මැතිවරණයට පෙර නිදහස් සන්ධානයේ සිටින ජාතික සමඟියට බාධා කරන සහ සන්ධානයේ තීන්දු තීරණ නොසළකා කඩාකප්පල්කාරී ලෙස ක්‍රියා කරන පාර්ශව ඉවත්කර සන්ධානය තුළ පුළුල් ප්‍රතිසංස්කරණයක් දියත් කරන්නට තීරණයක් ගෙන ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර තිබිණ.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ නිදහස් සන්ධානයේ ප්‍රතිසංස්කරණ හරහා බොහෝ දුරට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ, දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණ, උදය ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් සහ තම පක්ෂයේ පුද්ගලයින් කිහිප දෙනෙකුව සන්ධානයෙන් නෙරපා දමනු ඇති බවය.

එසේම ප්‍රතිසංස්කරණය හරහා රාජපක්ෂ සමයේ කළකිරී ශ්‍රීලනිපයෙන් ඈත්ව ගිය බලවේග සහ පුද්ගලයින් නැවත එක්කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් මේවන විටත් පවත්වා ඇති සාකච්ඡා බොහෝ දුරට සාර්ථකවී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටියී.