FAST NEWS

24×7 Around the Globe

ඩ්‍රැගන් ෆෘට් නාමය වෙනස් වෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාව චීනය සමග පවතින විරසකය හේතුවෙන් ඩ්‍රැගන් ෆෘට් පලතුරෙහි නම වෙනස් කිරීමට එරට ගුජරාට් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.   

ඩ්‍රැගන් (මකරා) යන්න චීනය හා සම්බන්ධ වන හෙයින් මෙම තීරණය ගෙන ඇත.

ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය විජේ රූපානි පැවසුවේ, ඩ්‍රැගන් ෆෘට් පලතුර මින්පසු කමලම් යන නමින් හඳුන්වන බවය. එහි අර්ථය නෙළුම යන්නය.

නෙළුම් මල හින්දු ජනතාව ශුද්ධ වූ මලක් ලෙස සලකන අතර ඉන්දියාවේ ජාතික පුෂ්පය වන්නේ ද එයයි.

දීර්ඝ කාලයක් තිස්සේ චීනය සහ ඉන්දියාව අතර දැඩි විරසකයක් පවතින අතර, දේශසීමා ආසන්නයේ ද ගැටුම් ඇතිකර ගනී.