FAST NEWS

24×7 Around the Globe

බැග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම ISIS භාර ගනී

(ෆාස්ට් නිව්ස් | ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS සංවිධානය විසින් භාරගනු ලැබ තිබේ.  

ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 32කු මියගිය අතර, තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.

සුන්නි මුස්ලිම්වරුන් ඉලක්ක කර IS හිතවාදි ෂියා මුස්ලිම්වරුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වසර 03 කට පසුව ඉරාකයෙන් වාර්තා වූ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය ද මෙය වෙයි.