FAST NEWS

24×7 Around the Globe

එන්නත් නිපදවන ලොව විශාලතම ඉන්දියානු සමාගමක ගින්නක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –  බටහිර ඉන්දියාවේ පිහිටා ඇති ලොව විශාලතම එන්නත් නිෂ්පාදන කම්හලේ ඊයේ ගින්නක් හටගෙන තිබේ.   

ගින්නෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.

එම ආයතනයේ පූනේ මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක මෙලෙස ගින්න හටගෙන ඇති ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ගින්න හමුවේ එන්නත් නිෂ්පාදන කටයුතුවලට කිසිදු බාධාවක් එල්ලවී නොමැති බව ඉන්දීය වාර්තාවල දැක්වෙයි.

ගින්න මැඩ පැවැත්වීමට පැය 3 ක කාලයක් ගත වී ඇති අතර, ගින්නට හේතුව කාර්මික දෝෂයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.