FAST NEWS

24×7 Around the Globe

චීනයේ දරු නීතිය ඉවතට.

දශක කිහිපයක් තිස්සේ චීනයේ බල පැවැත්වුණු එක් දරු නීතිය ඉවත් කිරීමට චීන රජය තීරණය කර ඇති බව ෂින්හුවා (Xinhua) පුවත් සේවය වාර්තා කරයි.

චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ෂින්හුවා පුවත් සේවය පවසන්නේ චීන පවුලකට දරුවන් දෙදෙනකු සාදා ගැනීම සඳහා අනුමැතිය ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.

චීනයේ පවුලකට එක දරුවකු පමණක් සීමා කෙරෙන නීතිය 1979 දී පනවනු ලැබුවේ එරට ශීඝ්‍රයෙන් ඉහළ යන උපත් අනුපාතය සැලකිල්ලට ගැනීමෙන් පසුවයි.

මේ දක්වා චීනයේ වැඩි වන ජනගහනයෙන් මිලියන හාරසීයක් පමණ අඩු කර ගැනීමට එම නීතිය දායක වී ඇති බවටයි ගණන් බලා තිබෙන්නේ.
මින් පෙර පවුලකට එක් දරුවෙකු සීමා කෙරෙන නීතිය කඩ කළ අයට විශාල දඩ මුදල් ගෙවීමට සිදු වූ අතර ඇතැම් විට ගබ්සා සැත්කම් සිදු නොකළහොත් ඔවුන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් ඇති කිරීමට පවා රජය ක්‍රියා කළේය.